පාසල් ගීතය
සුදිලේ දිගු කල් - මවගේ විදුහල්
තක්සලාව ලංකා අඹරේ
නැණ ඇස පාදන විදුරැස විහිදන
අප සිසුවන් වෙමු ඔබ සෙවණේ
අප සිසුවන් වෙමු හෙළ දෙරණේ
ගාමිණි ගජබා පැරකුම් පොරණේ
දෑ හැගුමෙන් අප සම ලෙස බැඳුනේ
රට දැය නංවන ජය දද බන්දන
නර විරුවන් වෙමු ඔබ සෙවණේ
නර විරුවන් වෙමු හෙළ දෙරණේ
හෙළයන් එඩිතර ගියමන් පෙන්වන
ඔබමය ඉටුදෙවි පාසල් මව්ණි
නැණ ඇස පාදන විදුරැස විහිදන
අප සිසුවන් වෙමු ඔබ සෙවණේ
අප සිසුවන් වෙමු හෙළ දෙරණේ
පඤ්ඤා උදපාදී - ///






